Kakizome ලියන්න ලංකාවත් එක්වෙයි ..


ජපානයේ ශ්‍රී ලංකා තානාධිපති තුමා පසුගියදා ජපාන විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී Kakizome..

.

ජපානයේ ශ්‍රී ලංකා තානාධිපති තුමා පසුගියදා ජපාන විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී Kakizome හෙවත් calligraphy ලිවීමේ උළෙලකට සහභාගි විය. ජපාන විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය Honda Taro මහතා විසින් මෙම උළෙල සංවිධානය කර තිබුණේ දකුණු සහ නැගෙනහිර ආසියානු රටවල් නියෝජනය වන පරිදි එම තානාපතිවරුන් සහභාගී වන පරිදිය.

ජපාන Kakizome ලේඛන ලිවීම සාම්ප්‍රදායිකව සෑම වසරකම ජනවාරි 2 දා සිදුකරන අතර නව වසරේ ජල මූලාශ්‍රයකින් ගනු ලබන පළමු ජලයෙන් තීන්ත සකස් කරගෙන නව වසරට සුභාසිරි පතා මෙම ලේඛන ලියනු ලබයි.

රටවල් දෙක අතර සම්බන්ධතා වැඩි දියුණු කිරීම ගැනත් තානාපතිවරයා ජපාන විදේශ ඇමති තුමා සමග මෙහි දී සාකච්ඡා කළ බව වාර්තා වේ.

580 Views

Comments