ශීත සෘතුවට පෙර යුක්රේනයට තවත් ආධාර ලබා දීමට ජපාන අගමැති පොරොන්දු වෙයි.


ජපානයේ තවදුරටත් යුක්රේනයට ආධාර ලබාදීමට පොරොන්දු වෙයි

.

ශීත ඍතුවේ දී යුක්රේන වැසියන්ට උපකාර කිරීම සඳහා තම රජය වැඩි සහයෝගයක් ලබා දෙන බවට ජපාන අගමැති කිෂිඩා ෆුමියෝ ප්‍රතිඥා දී ඇත. අඟහරුවාදා බර්ලිනයේ පැවති යුක්රේනයේ ප්‍රතිසංස්කරණය පිළිබඳ ජාත්‍යන්තර සම්මන්ත්‍රණයකට වීඩියෝ පණිවුඩයක් නිකුත් කරමින් කිෂිඩා මේ බව ප්‍රකාශ කර ඇත. 

 

ඔහු රුසියාවේ මිසයිල ප්‍රහාර සහ න්‍යෂ්ටික අවි භාවිතා කිරීමට කරන තර්ජන සම්පූර්ණයෙන්ම පිළිගත නොහැකි බව හෙලා දැක ඇත. රුසියාවට එරෙහිව සම්බාධක පැනවීමට සහ යුක්‍රේනයට අඛණ්ඩව සහයෝගය ලබා දීමට එක්සත් වන ලෙස ඔහු ජාත්‍යන්තර ප්‍රජාවෙන් ඉල්ලා තිබේ. අවතැන් වූවන්ට ආරක්ෂාව සැපයීමට අමතරව තම රට උනුසුම් උපකරණ සහ උණුසුම් ඇඳුම් ද සපයන බව කිෂිඩා  තවදුරටත් පවසා ඇත.

Comments