ජපාන සුළං ආධාරක භාණ්ඩ ප්‍රවාහන නෞකාව ඕස්ට්‍රේලියානු වරායට පැමිණෙයි.


ජපාන සමාගමක් නිෂ්පාදනය කළ සුළං බලයෙන් දිවෙන භාණ්ඩ ප්‍රවාහන නෞකාව ඔස්ට්‍රේලියානු වරායකට ළඟා වෙයි

.

එන්ජින්වලට අමතර සුළං බලය භාවිතා කරන රුවල් සහිත ජපන් තොග භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් ජපානයේ සිට සිය පළමු මුහුදු ගමනෙන් පසු නැගෙනහිර ඕස්ට්‍රේලියාවේ වරායකට පැමිණ ඇත. 

 

එහි තාක්ෂණය හරිතාගාර වායු විමෝචනය අඩු කිරීම අරමුණු කර ගෙන ඇත. සඳුදා උදෑසන නිව්කාසල් වරායේ පිළිගැනීමේ උත්සවයකට ජපන් සහ ඕස්ට්‍රේලියානු සමාගම්වල නිලධාරීන් ඇතුළු 100 දෙනෙකු පමණ සහභාගී වී ඇත. 

 

දෘඩ ෆයිබර්ග්ලාස් රුවල් සහිත ගල් අඟුරු වාහකය ප්‍රධාන ජපන් නැව් සමාගමක් වන Mitsui O.S.K විසින් නිපදවා තිබේ. උත්සවයේදී සමාගමේ නිලධාරියෙක් පවසා සිටියේ ජපානය සහ ඕස්ට්‍රේලියාව අතර මුහුදු ගමනකදී හරිතාගාර වායු විමෝචනය සියයට 5 කින් කපා හැරීමට මෙම රුවල් යාත්‍රාවට හැකි බවයි.

88 Views

Comments