ලන්ඩන් වෙළඳ වේලාවන් තුළ ජපාන බැංකුවේ ප්රකාශ හා වෙලඳපොල මැදිහත්වීම් නොතකා, යෙන් එක ඩොලරයට සාපේක්ෂව දුර්වල වෙමින් පැවත ඇත. සඳුදා ලන්ඩනයේ යෙන් අගය පහත වැටී ඇත.
සමහර වෙළඳපල ක්රියාකරුවන් පෙන්නුම් කර ඇත්තේ ජපාන මහ බැංකුව යෙන් සඳහා සහය දැක්වීම සඳහා නැවත නැවතත් වෙළඳපල මැදිහත්වීම් කර ඇති බවයි. එසේ වුවද ජපන් මුදල් එක් අවස්ථාවක දී යෙන් 149ට වැටී ඇත.
එක්සත් ජනපදය හා ජපානය අතර ඇති විශාල පොලී අනුපාත පරතරය යෙන් විකුණා දැමීමට පොළඹවා ඇති බැවින් වෙළඳපල මැදිහත්වීම සීමිත බලපෑම් ඇති කරනු ඇතැයි ආරංචි මාර්ග පවසා ඇත.