ජපානයේ නව Ghibli උද්‍යානයේ කොටස් පහෙන් තුනක් ඊයේ(01) සිට මහජනතාව සඳහා විවෘත කර තිබෙනවා.
උද්‍යානය සඳහා ප්‍රවේශපත්‍ර සෑම මසකම ආරම්භයේදී පමණක් ලබා දෙන අතර පැය කිහිපයක් ඇතුළත නිතිපතා අලෙවි වෙනවා.
කෙසේවෙතත් මෙම වසර අවසානය දක්වා ප්‍රවේශපත්‍ර දැනටමත් විකිණී අවසන් බවයි වාර්තා වන්නේ.
Ghibli නිෂ්පාදක Toshio Suzuki උද්‍යානය විවෘත කිරීමට පෙර පැවති උත්සවයකදී ප්‍රකාශ කර සිටියේ "ඊයේ රෑ මට හොඳටම නින්ද ගියේ නෑ. මේක ෆිල්ම් රිලීස් එකකට වඩා ටිකක් වෙනස්" ලෙසයි.