Sesaki කනිෂ්ඨ උසස් විද්‍යාලයේ සිසුන් කණ්ඩායමක් විසින් ව්‍යාපෘතියක් ලෙස සකස් කරන ලද චරිතාපදාන ග්රන්ථයක් පසුගියදා ජපාන ශ්‍රී ලංකා තානාධිපති සංජීව් ගුනසේකර වෙත පිළිගන්වන ලදි.
ලංකාවේ ප්‍රථම විධායක ජනාධිපති J.R ජයවර්ධන මහතාගේ චරිතාපදානය සහ ජපානය වෙනුවෙන් ඒ මහතා ක්‍රියාකළ සහ අනුගමනය කළ ප්‍රතිපත්ති මෙකී ග්‍රන්ථයෙන් කියවෙන බව සඳහන් වේ. දෙවන ලෝක යුද්ධයේ නිමාවත් සමග වින්දිත රටවල රාජ්‍ය නායකයින් එක්වු සමුළුවේදී සමස්ථ ලෝකයා ඉදිරියේ ජයවර්ධන මහතා බෞද්ධ දර්ශනය පෙරටුකොටගත් වෛරයෙන් වෛරය නොසන්සිදේ යන කතාව නිසා ජපානයට නැගී සිටීමට අවස්ථාවක් ලද බව ඔවුන්ගේ අදහසයි. ඒ මහතා වෙනුවෙන් ජපානය අදටත් කෘතගුණ දැක්වීමට අමතක නොකරන්න ඒ නිසාවෙනි.