Hana Kimuraගේ මව නඩු මගට


22 හැවිරිදි හනා කිමුරා "Terrace House Tokyo"  වෘත්තීය මල්ලවපොර ක්‍රීඩිකාවද වනවා

.

ජනප්‍රිය රියැලිටි වැඩසටහනක් වන "ටෙරස් හවුස්" හි හිටපු නිළියක වන හනා කිමුරාගේ මව පෙරේදා(06) ප්‍රකාශ කළේ වැඩසටහනේ ජපන් විකාශකයාට සහ තවත් සමාගම් දෙකකට එරෙහිව තමා නඩුවක් ගොනු කර ඇති බවත්, එම වැඩසටහන නිසා තම දියණිය සියදිවි නසා ගත් බවත්ය.

ටෝකියෝ දිස්ත්‍රික් උසාවියේ ගොනු කර ඇති නඩුවේදී, Kyoko Kimura Fuji Television Network Inc ඇතුළු සමාගම් තුනෙන් යෙන් මිලියන 142 ක පමණ වන්දියක් ඉල්ලා සිටින අතර ඔවුන් තම දියණියට නරඹන්නන් අකමැති වන පරිදි රූපවාහිනී වැඩසටහන නිෂ්පාදනය කළ බවට චෝදනා කරයි.

22 හැවිරිදි හනා කිමුරා "Terrace House Tokyo"  වෘත්තීය මල්ලවපොර ක්‍රීඩිකාවද වනවා.ඇය 2020 මැයි මාසයේදී ටෝකියෝ හි ඇගේ මහල් නිවාසයේ මියගොස් සිටියදී සොයාගනු ලැබුවේ සමාජ මාධ්‍යවල වෛරී පණිවිඩවල ඉලක්කය බවට පත්වීමෙන් පසුවය. 

85 Views

Comments