තණකොළ කපන යන්ත්‍රයකට හසුවී 9 හැවිරිදි දරුවෙකුට ඇඟිල්ලක් අහිමි වෙයි


පාසල් මිදුලේ බේස්බෝල් පුහුණුවීම්වල යෙදී සිටි 9 හැවිරිදි පිරිමි ළමයකුගේ වම් අත තණකොළ කපන යන්ත්‍රයකට හසුවී ඇත. 

.

ඊයේ(11) පෙරවරු 11.30 ට පමණ නාගානෝ ප්‍රාන්තයේ ටොමි නගරයේ නාගරික ප්‍රාථමික පාසලක පාසල් මිදුලේ බේස්බෝල් පුහුණුවීම්වල යෙදී සිටි 9 හැවිරිදි පිරිමි ළමයකුගේ වම් අත තණකොළ කපන යන්ත්‍රයකට හසුවී ඇත.  

පිරිමි ළමයා හෙලිකොප්ටරයකින් එම ප්‍රාන්තයේම සකු නගරයේ රෝහලකට ගෙන ගිය නමුත් ඔහුගේ වම් වෙදැඟිල්ලට බරපතල තුවාල සිදුව ඇති බව පැවසේ.

Ueda පොලිස් ස්ථානයේ නිවේදනයට අනුව එම යන්ත්‍රය මැනුවල් යන්ත්‍රයක් වන අතර ඒ අසල බේස්බෝල් කණ්ඩායමේ වැඩිහිටි පුහුණුකරුවෙක් සිටියේය.  

අනතුරට හේතුව සොයා දෙපාර්තමේන්තුව පරීක්ෂණ පවත්වයි.

 

119 Views

Comments