ඉතා සීග්‍රයෙන් පැතිර යන omicron ප්‍රභේදය හේතුවෙන් පානය තුළ නව කොරෝනා රැල්ලක් මතු වීම වැළැක්වීම පිණිස දිනකට booster එන්නත් මාත්‍රා මිලියනයක් ලබාදීමට ජපානය සැරසෙයි.
පසුගිය සතියේ දිනකට ආසාදිතයන් 100000 පසු කරන සීමාවට ජපානය ලන් විණි.වෙසෙන මිලියන 125ක ජනගහනය අතරෙන් මේ වන විට බූස්ටර් එන්නත ලබාගෙන ඇත්තේ 4.8% ක් පමන කුඩා ප්‍රමාණයක් බව වාර්තාවලින් තහවුරු වී ඇත.
එම ප්‍රතිශතය බ්‍රිතාන්‍යය, ප්‍රංශය සහ ජර්මනිය යන රටවල් වලට සාපේක්ෂව බැලූ කල ඉතා අඩු මට්ටමේ ප්‍රතිශතයක් වන බැවින් ජපාන වාසීන්ට තුන්වන එන්නත් මාත්‍රාව ලබාදීම මීට වඩා කඩිනම් ලෙස සිදු කරන්න ජපාන රජය සූදානම් වේ .