Kanagawa ප්‍රාන්තයේ නිවසක තිබී පුද්ගල මළ සිරුරු 2ක් හමුවේ


මේ සම්බන්ධයෙන් 50 හැවිරිදි අයෙක් සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

.

Hiratsuka Cityහි Kanagawa ප්‍රාන්තයේ නිවසක තිබී පිරිමියෙකුගේ සහ කාන්තාවකගේ මළ සිරුරු දෙකක් හමුවී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් සැකපිට 50 හැවිරිදි පුද්ගලයෙක් ප්‍රාන්ත පොලිසිය අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මියගිය දෙපල අදාල සැකකරුගේ දෙමව්පියන් බවටද පොලිසිය සැක පල කරනවා.

කෙසේවෙතත් ප්‍රාන්ත පොලිසිය විසින් මළ සිරුරු හඳුනා ගැනීම සහ මරණයට හේතුව තීරණය කිරීම සඳහා අධිකරණ මරණ පරීක්ෂණයක් පැවැත්වීමට නියමිතයි.

 

189 Views

Comments