අත්අඩංගුවේ පසුවූ සැකකරුවෙක් සියදිවි නසාගැනීම යලි කරලියට


ඕසකා දිස්ත්‍රික් රජයේ අභිචෝදක කාර්යාලය මේ සම්බන්ධයෙන් අසත්‍ය වාර්තාවක් සකස් කළ බව අනාවරණය වී තිබේ

.

ඕසකා ප්‍රාන්තයේ ටකට්සුකි නගරයේ කාන්තාවක් ඝාතනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවේ පසුවූ Rin Takai ප්‍රාන්තයේ රැඳවුම් මධ්‍යස්ථානයකදී සියදිවි නසා ගැනීම සම්බන්ධයෙන් ඕසකා දිස්ත්‍රික් රජයේ අභිචෝදක කාර්යාලය අසත්‍ය වාර්තාවක් සකස් කළ බව අනාවරණය වී තිබේ.

ඒ අනුව මෙම අසත්‍ය වාර්තා නිර්මාණය කිරීම සම්බන්ධයෙන් සැකපිට රජයේ අභිචෝදක කාර්යාලයේ පොලිස් නිලධාරීන් තිදෙනෙකුට චෝදනා එල්ල වී තිබේ.

මෙම සැකකරුවන් අතරින් 58 හැවිරිදි ලුතිනන් සහ 53 හැවිරිදි සැරයන්වරයාට නඩු පැවරීම කල් දමා ඇති අතර 24 හැවිරිදි පොලිස් නිලධාරියාට එරෙහිව ඇති සැකය නඩු පැවරීමට ප්‍රමාණවත් නොවන බව වාර්තා වේ.

75 Views

Comments