යුක්රේන න්‍යෂ්ටික අපද්‍රව්‍ය මධ්‍යස්ථානයකට ප්‍රහාරයක්..


රුසියානු ප්‍රහාරක මිසයිලයකින් යුක්රේන අගනුවර වන Kyiv ආසන්නයේ පිහිටි..

.

රුසියානු ප්‍රහාරක මිසයිලයකින් යුක්රේන අගනුවර වන Kyiv ආසන්නයේ පිහිටි න්‍යෂ්ඨික අපද්‍රව්‍ය බැහැර කරන මධ්‍යස්ථානයකට හානි සිදුවී ඇති බව එක්සත් ජාතීන්ගේ න්‍යෂ්ටික විමර්ශන වැඩසටහන මගින් අනාවරණය කර තිබේ.

චන්ද්‍රිකා ඡායාරූප පෙන්වන පරිදි මින් විශාල හානියක් මේ වන තෙක් සිදු වී නැතත් විකිරණශීලී අපද්‍රව්‍ය වායු ගෝලයට මුදා හැරීමට ඉඩ ඇති බව එම වැඩසටහන තවදුරටත් අනතුරු අඟවා සිටී. එම ස්ථානය විදුලි බලය ජනනය කරන මධ්‍යස්ථානයක් ලෙස හඳුනාගෙන ඇති අතර, මෙම ප්‍රහාරයෙන් පසුව ප්‍රදේශයේ විදුලි බල සැපයුමද ඇනහිට ඇති බව වාර්තා වී තිබිණි.

 

ඡායාරූපය: mainichi 

146 Views

Comments