සමස්ත ජපන් බැඩ්මින්ටන් ශූරතාවලිය පසුගියදා තෝකියෝ නුවර Musashino Forest Sport Plaza හිදී පැවැත්විණි.
එහිදී පිරිමි කේවල තරගයේදී Kento Momota විසින් Kenta Nishimoto පරාජය කරමින් වසර දෙකකට පසු පළමු වරට ශූරතාව දිනා ගත්තේය.
ඔහු පසුගිය තෝකියෝ ඔලිම්පික් උළෙලේ අවසන් තරඟාවලියට නොපැමිණි අතර ඔලිම්පික් තරඟාවලියෙන් පසුව දැඩිලෙස දුර්වල විය.
කෙසේවෙතත් නැවත ජයග්රහණය කරා ලඟා වූ ඔහු පැවසුවේ පසුගිය කාලය දුෂ්කර වූ බවත් තමා ඉන් නැගී සිටි බවත් ය.