ඝාතනයකට සම්බන්ධ දෙදෙනෙක් අත්අඩංගුවට


පසුගිය සෙනසුරාදා අලුයම 4 ට පමණ මෙම සිද්ධිය සිදුව ඇත.

.

ෆුකුෂිමා නගරයේ පොලිසිය විසින් පදික වේදිකාවකදී ඇති වූ ගැටුමකදී වයස අවුරුදු 20 ක පුද්ගලයෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකපිට 25 හැවිරිදි පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

පසුගිය සෙනසුරාදා අලුයම 4 ට පමණ මෙම සිද්ධිය සිදුව ඇති අතර පහරකෑමට ලක්වූ පුද්ගලයා රෝහල් ගත කිරීමෙන් අනතුරුව රාත්‍රී 10 ට පමණ මියගොස් ඇත.  

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා සමාගම් සේවකයන් වන අකිරා කුරිහාර සහ ෂෝගන් ෂිනෝගි ලෙස හඳුනාගෙන ඇත.

ප්‍රහාරයට හේතු වූ කරුණු සොයා පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබේ.

 

115 Views

Comments