සමලිංගික සහකරුවන්ටත් නිවාස ලැබීමට වරම්


සමලිංගික සහකරුවන්ට Saitama ප්‍රාන්තයේ නිවාස ලබාගැනීමට හැකිවන පරිදි නිර්ණායකයක් යෝජනා වී තිබේ.

.

අද(03) සිට Saitama ප්‍රාන්තයේ නිවාස ලබාගැනීමේ සුදුසුකම් නිර්ණායකවලට සමලිංගික සහකරුවන් එක්කිරීමට නියමිතයි.

ඒ අනුව මහ නගර සභාවේ හවුල්කාරිත්ව පද්ධතියේ සහතිකය සහ වසරකට වැඩි කාලයක් එකට ජීවත් වූ බව තහවුරු කළ හැකි නම් මේ සඳහා ඉල්ලුම් කල හැක.

ප්‍රතිපත්තිමය වශයෙන් ප්‍රාන්ත නිවාස භාවිතා කළ හැක්කේ එකට ජීවත් වන ඥාතීන්, තනිව ජීවත් වන වයෝවෘද්ධ පුද්ගලයන් සහ ආබාධ සහිත පුද්ගලයන්ට පමණි.

ලිංගික දිශානතිය සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම්ව වෙනස් කොට සැලකීම තහනම් කරන "ස්ත්‍රී පුරුෂ විවිධත්වයට ගරු කරන සමාජයක් නිර්මාණය කිරීම සඳහා වූ ආඥාපනත" පසුගිය වසරේ ජූලි මාසයේදී බලාත්මක කරන ලද අතර ප්‍රාන්තය විසින් ලිංගික සුළුතරයන්ට (LGBTQ) සහාය දැක්වීමේ ක්‍රියාමාර්ග ප්‍රවර්ධනය කරයි.

 

108 Views

Comments