දියණියට පිහියක් පෙන්වා තර්ජනය කල මව අත්අඩංගුවට


අදාල මව 42 හැවිරිදි කාන්තාවකි.

.

Shizuoka ප්‍රාන්ත පොලිසියේ Mishima ස්ටේෂන් විසින් ඊයේ(20) දින Mishima නගරයේ කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ අදාල කාන්තාව විසින් සිය 12 හැවිරිදි දියණියට පිහියක් පෙන්වීම සම්බන්ධයෙන් සැකපිටයි.

ඇය පසුගිය 19 වැනිදා සවස 5 ට පමණ නිවසේ මුළුතැන්ගෙයි තිබූ පිහියක් පෙන්වා තම දියණියට තර්ජනය කර ඇතැයි සැක කෙරේ.  

පසුව ඇගේ දියණිය අසල තිබූ පොලිස් පෙට්ටියකට පලාගොස් සිද්ධිය පවසා ඇත.

දියණියගේ කාමරය අවුල් කිරීම හේතුවෙන් මෙසේ කල බව අදාල කාන්තාව පොලිසිය හමුවේ පවසා ඇත.

154 Views

Comments