ඉෂිකාවා ප්‍රාන්තයේ Nonoichi නාගරික කනිෂ්ඨ උසස් පාසලේ පළමු වසරේ ශිෂ්‍යාවක් 2021 වසරේදී සියදිවි නසාගන්නා ලදී.
මේ සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා නගර අධ්‍යාපන මණ්ඩලය විසින් තෙවන පාර්ශවීය විමර්ශන කමිටුවක් පිහිටුවන ලද අතර සිසුවිය සියදිවි නසාගැනීමට හේතුව නවක වදය බවට ඔවුන් ඊයේ(02) වාර්තාවක් නිකුත් කර තිබේ.
වාර්තාවට අනුව 2020 සැප්තැම්බර් සිට 2021 පෙබරවාරි දක්වා එම ශිෂ්‍යාවට පාසලට එන්න එපා යනුවෙන් පන්තියේ සිසුන් කිහිප දෙනෙකු පවසා ඇති අතර හිරිහැර කිරීම් 29ක්ද සිදුකර තිබේ.