ආයුර්වේද ප්‍රතිකර්ම වල දී බහුලව භාවිතා කරන මුද්දරප්පලම් ලොකු කුඩා කාටත් ගුණදායක පෝෂ්‍ය පදාර්ථ රැසක් අඩංගු ආහාරයකි. ඒවායේ අඩංගු අධික පෝෂණ සංඝටක ප්‍රමාණය නිසාම දිනපතා මුද්දරප්පලම් අහුරක් ඇල් වතුරට දමා තබා පසුව පානය කිරීමෙන් ශරීරයේ ඇති වන රෝග රැසක් සමනය කරගත හැකි බව පරීක්ෂණවලින් සනාථ වී ඇත.
පහත දැක්වෙන්නේ මෙම අනුන ගුණදායක පලතුරෙන් ලැබිය හැකි ප්‍රයෝජන කිහිපයකි.
1. රක්තහීනතාවය සමනය කරයි
2. අධි රුධිර පීඩනය ඇතිවීම පාලනය කරයි
3. අස්ථි රෝග සමනය කරන අතර අස්ථි ශක්තිමත් කරයි
4. රුධිරය පිරිසිදු කරයි
5. ප්‍රතිශක්තීකරණ පද්ධතිය ශක්තිමත් කරයි
6.ඇස් පෙනීම වර්ධනය කරයි
7. දත් ශක්තිමත් කරයි
8.මල බද්ධය සමනය කරගත හැක
9. ගැස්ට්‍රයිටිස් පාලනය කරගත හැක
මීට අමතරව සම පැහැපත් කිරීම, කොලෙස්ට්‍රෝල් පාළනයට, ආහාර ජීර්ණය ක්‍රමවත් කිරීමට, බඩවැල් ආශ්රිත රෝග වැළැක්වීමට , හිසකෙස් වර්ධනයට හා කන්තා රෝග ඇතිවීම වැළැක්වීමට ද මුද්දරප්පලම් ගුණදායකයි. නමුදු මෙය පමණ ඉක්මවා ආහාරයට ගැනීම සුදුසු නොවන බවත් ආයුර්වේදයේ සඳහන් වේ