ඇතුලත්වීමේ විභාග වංචාකළ සිසුවෙක් නීතිය හමුවට...


ටෝකියෝ පොලිසිය පසුගියදා වාර්තා කළේ, ජපාන විශ්ව විද්‍යාල සදහා ඇතුළත් වීමේ...

.

ටෝකියෝ පොලිසිය පසුගියදා වාර්තා කළේ, ජපාන විශ්ව විද්‍යාල සදහා ඇතුළත් වීමේ විභාගයේ එක් විශයකට අදාල ප්‍රශ්න පත්‍රයක් වංචා කළ සිසුවකු සහ අවට උදව් කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බවයි.

19 හැවිරිදි මේ සිසුවාට ලෝක ඉතිහාසය විශයට අදාල සාමාන්‍ය දැනිම ප්‍රශ්න පත්‍රය වංචා සහගතව සම්පූර්ණ කිරීමට සහය ලබාදී ඇත්තේ 28 හැවිරිදි පරිගණක පද්ධති ඉංජිනේරුවකු බව පර්යේෂණවලදී සනාථ වී තිබේ. දැනට මොවුන් දෙදෙනාම ප්‍රශ්න කිරීම් සඳහා ටෝකියෝ පොලිසිය භාරයේ රඳවා සිටියි. පසුගිය මාස දෙකක කාලය තුළ ටෝකියෝ නගරයෙන් වාර්තා වූ තුන්වන විභාග වංචා සිදුවීම මෙය වේ.

Comments