ඊයේ(05) උදෑසන කගෝෂිමාහිදී දුම්රියක ගැටීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
JR Kyushu නිලධාරීන් සහ පොලිසිය පවසන පරිදි මෙම සිද්ධිය JR Kagoshima දුම්රිය ස්ථානය අසල දුම්රිය හරස් මාර්ගයකදී උදෑසන 6 ට පමණ සිදුවී ඇත.
එම පුද්ගලයා රෝහල් ගත කර ඇති අතර එහිදී ඔහු මිය ගොස් ඇති බව වාර්තා වේ.
දුම්රියේ සිටි මගීන් 37 දෙනාගෙන් කිසිවෙකුට හෝ දුම්රිය රියදුරුට තුවාල සිදුවී නොමැත.