සිසුවෙකුට අතවර කළ සැරයන්වරයෙකුට මාස 5ක වැඩ තහනමක්


ඔහු පාබල රෙජිමේන්තුවේ 24 හැවිරිදි පිරිමි සැරයන්වරයෙකි

.

උසස් පාසල් සිසුවෙකුට ලිංගික අතවර සිදු කිරීම හේතුවෙන් 36 වැනි පාබල රෙජිමේන්තුවේ 24 හැවිරිදි පිරිමි සැරයන්වරයෙකුට මාස පහකට වැඩ තහනම් කළ බව භූමි ස්වයං ආරක්ෂක බළකාය ඊයේ(10) නිවේදනය කළේය.  

නිවේදනයට අනුව 2021 අගෝස්තු සිට දෙසැම්බර් දක්වා අදාල සැරයන්වරයා පිරිමි උසස් පාසල් සිසුවෙකුට මුදල් ලබා දී අවස්ථා කිහිපයකදී ඔහුගේ අසභ්‍ය දර්ශන රූගත කර තිබේ. 

ළමා ගණිකා වෘත්තිය සහ ළමා කාමුක දර්ශන පනත උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් සැකපිට පසුගිය වසරේ අප්‍රේල් මාසයේදී මොහු මෙට්‍රොපොලිටන් පොලිස් දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගන්නා ලදී.

67 Views

Comments