"Fis de Sherry" හි හිමිකරු අත්අඩංගුවට


එය සුනඛ අභිජනන සහ විකුණුම් සමාගමක් වේ.

.

දුර්වල වූ කුඩා සුනඛයන් කිහිප දෙනෙකු නොසලකා හැරීම හේතුවෙන් සත්ව ආරක්ෂණ නීතිය උල්ලංඝණය කළ බවට සුනඛ අභිජනන සහ විකුණුම් සමාගමක් වන "Fis de Sherry" හි හිමිකරු වන 57 හැවිරිදි කාන්තාවක් ඔසාකා ප්‍රාන්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

2016 සිට 2022 දක්වා නේයගාවා නගරයේ පහසුකමක ඇති දැඩි කරන ලද චිහුවාවා සහ පොමරේනියන් වැනි කුඩා සුනඛයන් 10 දෙනෙකුට හකු කැඩී කකුල් විස්ථාපනය වී තිබියදීත් කාන්තාව රෝහලකින් ප්‍රමාණවත් ප්‍රතිකාර ලබා දී නැත. 

කෙසේනමුත් අදාල කාන්තාව පවසා ඇත්තේ සුනඛයින් මිලදී ගන්නන් සංඛ්‍යාව අඩු වෙමින් පවතින අතර ව්‍යාපාරද දුෂ්කර වී ඇති නමුත් සුනඛයන්ට ආහාර ලබාදීමට සහ පිරිසිදු කිරීමට තමා උපරිමය කරමින් සිටින බවයි.

110 Views

Comments