තුර්කියට සහ සිරියාවට ජපන් රජයෙන් ආධාර


ජපානය ඩොලර් මිලියන 27 ක හදිසි මානුෂීය ආධාර ලබාදීමට තීරණය කර ඇත.

.

මේ මස මුලදී බලගතු භූමිකම්පාවලින් විනාශ වූ තුර්කිය සහ සිරියාව සඳහා ජපානය ඩොලර් මිලියන 27 ක හදිසි මානුෂීය ආධාර ලබා දෙන බව ජපන් රජය පැවසීය.

ඒ යටතේ ප්‍රධාන කැබිනට් ලේකම් Hirokazu Matsuno ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කියා සිටියේ භූමිකම්පාවලින් තුර්කි සහ සිරියානු විපතට පත් වූවන්ට ජාත්‍යන්තර ආයතන හරහා නවාතැන්, ආහාර සහ අනෙකුත් දෛනික අවශ්‍යතා සැපයීම සඳහා ජපානය ඩොලර් මිලියන 16 ක හදිසි ආධාර ද ලබා දෙන බවයි.

එමෙන්ම විනාශයට පත් ප්‍රදේශ ප්‍රතිනිර්මාණය කිරීම සඳහා ජපාන රජය තුර්කියට සහ සිරියාවට මානුෂීය සහයෝගය දිගටම ලබා දෙන බවද Matsuno පැවසීය.

 

127 Views

Comments