ජපානය පුරා ඇති onsen උණු වතුර උල්පත් සඳහා එරට ලෝ පුරා ප්‍රසිද්ධියක් උසුලයි.
එනමුදු ඔබට වෙනස්ම ආකාරයෙන් bathing අත්දැකීමක් ලැබීමට අවශ්‍ය නම් එයට සුදුසුම ස්ථානය වන්නේ Oita ප්‍රාන්තයේ Beppu නගරයයි .
Kyushu හි දකුණුදිග දූපතට වන්නට පිහිටා ඇති මෙම නගරය තාප ක්‍රියාකාරකම් සඳහා වඩාත් උචිතය. මෙහි ඇති ජලය පමණක් නොව නගරයේ සමහර ස්ථානවල ඇති පස ද උණුසුම්ම පවතින බැවින් ඌෂ්ණ වායු ධාරා ඉහළට වාෂ්ප වන ආකාරය වුවද මෙම නගරයේ ඇතැම් ස්ථානවල දී දැක ගත හැක.
මෙහිදී ඔබට ඌෂ්ණ වැල්ලේ ගිලී සිට පසුව උණුසුම් උල්පත් දියෙන් ස්නානය කර වෙනත් ස්ථානයකින් ලැබිය නොහැකි අත්දැකීමක් ලබා ගැනීමේ හැකියාව පවතී.