කනගාවා ප්රාන්තයේ yokosuka ප්රාදේශීය පොලිසිය විසින් දාහතර හැවිරිදි දැරියකට තමන්ගේ රහස් ප්රදේශය පෙන්වූ තිස්තුන් හැවිරිදි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබේ.
පසුගිය පෙබරවාරි පළවෙනිදා පස්වරු 4.25 ට පමණ මෙම සිදුවීම සිදුවී ඇත. මිනිසුන් පදිංචි වී සිටින ජනාකීර්ණ පෙදෙසක දී එම දැරිය ගමන් ගනිමින් සිටින අතරතුර එක්තරා සමාගමක සේවයේ නියුතු මෙම සැකකාර පුද්ගලයා තමන් ගමන් ගත් මෝටර් රථය නතර කර ඔහු ඇඳ සිටි ඇඳුම ගලවා මෙලෙස මෙම දැරිවියට ඔහුගේ රහස් ප්රදේශය පෙන්වා තිබේ. දැරිවිය මේ පිළිබඳව ඇගේ දෙමාපියන්ට පැවසීමෙන් පසුව ඔවුන්ගෙන් ලද පැමිණිල්ලකට අනුව එම පොලිසිය විසින් අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබිණ.
පොලිස් ආරංචි මාර්ග පවසන පරිදි මෙවැනිම සිදුවීම් කිහිපයක් පසුගිය සති කීපය ඇතුළත දීත් එම ප්රදේශයෙන්ම වාර්තා වී තිබූ අතර මේ පිළිබඳව ඔහුගෙන් ප්රශ්න කරමින් පවතී .