මාස පහකට පසු ජපාන ජාතික ආර්ථික ඉලක්ක පහතට හෙලා ඇති බව වාර්තා වේ. කොවිඩ් වසංගතයේ ඔමික්‍රොන් වෛරසයේ පැතිර යාම මද්‍යයේ ආනයන අපනයන වෙත එල්ලවූ කඩාවැටීම හේතුවෙන් සාමාන්‍ය පාරිභෝගික ක්‍රියාකාරකම් පවා අකර්මණ්‍ය වීම ජපාන ජාතික ආර්ථිකයට අයහපත් ලෙස බලපෑ බව වාර්තා සදහන් කරයි.
කෙසේ වෙතත් මාසික ප්‍රගති සමාලෝචන රැස්වීමේදී, ජපාන කැබිනට් ප්‍රකාශකයෙක් සදහන් කලේ, යම් යම් දුර්වලතා පැවතියද සමහර අංශ වලින් ජාතික ආර්ථිකයට වඩා සුභවාදී වාතාවරණයන් දක්නට ලැබුනු බවයි. ජපානයේ ආර්ථිකය ඉදිරියට රදා පවතින්නේ ඔමික්‍රොන් පැතිර යාම පාලනය කිරීමේදී ජපානය කෙතරම් සාර්ථක වන්නේද යන වග අනුව බවද ඔහු වැඩිදුරටත් පැවසීය.