රුසියාව සතු " මරණයේ අත"


ඇත්තටම කිසිම රටක් රුසියාවෙන් ගේම ඉල්ලන්නෑ.. ඒම ගේම ඉල්ලුවොත් ඒක තමයි තුන්වන ලෝක යුද්ධයක ආරම්භය..

.

ඇත්තටම කිසිම රටක් රුසියාවෙන් ගේම ඉල්ලන්නෑ.. ඒම ගේම ඉල්ලුවොත් ඒක තමයි තුන්වන ලෝක යුද්ධයක ආරම්භය.. 

 

රුසියාව හා ඇමරිකාව කියන්නේ ලෝකේ බලගතුම රටවල් දෙකක්.. අතීතයේ ඉදන්ම මේ රටවල් දෙක ගේමටම තමයි ඉන්නේ.. සරලවම කිව්වොත් ඇමරිකාව මිසයිලයක් හැදුවොත් රුසියාව 2ක් හදනවා.. ඇමරිකාව මිසයිල 20 හැදුවොත් රුසියාව  40 ක් හදනවා.. 

  

වරක් ඇමරිකාව මිසයිල ටෙස් කරනවා බලන් ඉදලා රුසියාව කිව්වා " අපිලග තියනවා උත්තරද්‍රවයේ ඉදන් දක්ෂිණධ්‍රැවයට යවන්න පුලුවන් මිසයිල" කියලා.

 

කොහොම හරි ඇමරිකාවේ රේගන් ජනාධිපති වෙනකම් රුසියාව ඉස්සරහින් තමයි හිටියේ.. ( රේගන් කියලා කියන්නේ ලංකාවේ JR ජනාධිපතිගේ අතිජාත, අතීසාර මිත්‍රයෙක් ) කොහොම හරි රේගන් බලයට ඇවිල්ලා අභ්‍යාවකාශයේ ස්වයංක්‍රීයව මිසයිල හඳුනාගැනීමේ පද්දතියක් හැදුවා.. රුසියාවට මේක පට්ට අවුල්... හැබැයි උනුත් මේක අත ඇරියේ නෑ.. උන් හැදුවා මෙන්න මේ අති භයානක dead hand project එක..

 

යුද්ධයකදී කවුරුත් කැමති නෑ පරාජය වෙන්න.. අන්තිම විනාඩියේ හරි දිනන්න තමයි බලන්නේ.. විශේෂයෙන්ම ලෝකයේ බලවත්ම රටවල් අතර යුද්දයකදී සාමය කියන්නේ විහිලුවක්.. 

 

Dead hand project එක කියලා කියන්නේ මිසයිල පද්දති project එකක්.. මේවා හැක් කරන්න බැරි වන විදිහට මූලික පරිඝණක පද්දතියක් යොදාගෙන තමයි හදලා තියෙන්නේ.. මේකෙදි වෙන්නේ මෙහෙමයි.. හිතන්න ඇමරිකාව ප්‍රමුඛ රටවල් එකතු වෙලා මුලු රුසියාවම විනාශ කරන්න යන්නේ කියලා.. එතකොට රුසියාව කරන්නේ dead hand project එක active ' සකීය කරන එක.. මේකේ කාලය උපරිම විනාඩි 15යි..

 

මේක සක්‍රීය කරපු ගමන් රුසියාව වටේ සවි කරලා තියෙන සංවේදක ඒ අවට තියෙන සියලුම පාරිසරික දත්ත එකතු කරලා බලනවා අසාමාන්‍ය මොනා හරි දේවල් පරිසයට වෙලා තියනවාද කියලා.. එහෙම වෙලා තියනවා නම් guide මිසයිල හතරක් lunch වෙනවා.. මේ මිසයිල හතර පොඩි කාලයකදී ඉහල අහසට නැගිලා රුසියාව වටා සවිකරලා තියෙන සියලුම මිසයිල වලට අණ දෙනවා lunch වෙන්න කියලා.. වැඩේ කියන්නේ මේ සියලුම මිසයිල ඉලක්ක්ක වෙලා තියෙන්නේ ඇමරිකාවට..( වෙන රටක් රුසියාවට ගැහුවොත් පරිප්පුව කන්න වෙන්නේ ඇමරිකාවට)මේ පහල මැප් එකේ පෙන්නනේ ගමන් මාර්ග තමයි.. මේ project එක දෙපාරක් active කලොත්.. පාරිසරික සාදක මොන මගුලක් වත් වැඩක් නෑ.. ඇමරිකාව කුඩු සම්බෝල තමයි.. රැසියාවේ ඔක්කොම මැරුනත් ඒ මැරෙන්නෙත් ජයග්‍රහකයො විදිහට තමයි.. මොකද තාම හෙලිවෙලා තියෙන්නේ ඇමරිකාවට ගහන ටික විතරයි..

 

ස්තූතිය  For the Public Service

 

Comments