ආගමන සීමා තවත් ලිහිල් කිරීමට ජපානයේ තීරණයක්...


කොවිඩ් හයවන රැල්ලේ පැතිර යාමත් සමග තවත් තර කෙරුණු ජපාන අන්තර්ජාතික..

.

කොවිඩ් හයවන රැල්ලේ පැතිර යාමත් සමග තවත් තර කෙරුණු ජපාන අන්තර්ජාතික සංචරන සීමා තවදුරටත් ලිහිල් කිරීමට ජපාන රජය තීරණය කර ඇති බව ජපාන අග්‍රාමාත්‍ය Fumio Kishida පසුගියදා මාධ්‍යයට පවසා සිටියේය.

මේ වන විට ජපානයේ කොවිඩ් තත්වය යථා තත්ත්වයට පත්වීම ආරම්භ වී ඇති නිසා, නැවත ජපානයට පැමිණීමට සිටින ජපන් ජාතිකයින්ට ප්‍රමුඛත්වය ලබා දෙමින්, අනෙකුත් සියලුම අන්තර්ජාතික ප්‍රජාවට ජපානයට ඇතුල් වීම සඳහා වන නීතිරීති දැනට වඩා ලිහිල් කිරීමට ඉතා ඉක්මනින් පියවර ගන්නා බව ඔහු වැඩිදුරටත් පැවසීය. Booster එන්නත් කරන වැඩපිළිවෙළ ද, වඩා සීඝ්‍රගාමී ව පවත්වාගෙන යමින්, අන්තර් ජාතික ශිෂ්‍ය සහ ව්‍යාපාරික ප්‍රජාවට ජපානය වඩා යහපත් තැනක් කරවීම ජපාන රජයේ අරමුණ බව ද ඔහු පැවසීය.

Comments