ටෝකියෝ යථා තත්වයට නොඑයිද?


පසුගියදා කරන ලද නවතම සමීක්ෂණයකින් සෞඛ්‍ය අංශ හෙළි කර සිටියේ...

.

පසුගියදා කරන ලද නවතම සමීක්ෂණයකින් සෞඛ්‍ය අංශ හෙළි කර සිටියේ, කොවිඩ් 6 වන රැල්ල තවමත් ක්‍රියාත්මක වන ටෝකියෝ නගරයෙන් වාර්තා වන දෛනික ආසාදිතයින් ගනන  සහ මරණ අනුපාතය තවමත් ඉහළ අගයක පවතින බවයි.

මෙය ඉතා අසාමාන්‍ය තත්ත්වයක් බවත්, ඒකාකාරී ලෙස ඉහළ අගයක් ගන්නා කොවිඩ් ආසාදිතයින් ගණන අඩු නොවීමේ භයානකකම දීර්ඝකාලීනව නගරයට අත්විදීමට සිදුවන ඇති බවත් සෞඛ්‍ය අංශ අනතුරු හඟවා තිබේ. රෝගීන් වාර්තා වන ප්‍රමාණය අනුව සිදුකරන වර්ග කිරීමේ දර්ශකයේ ටෝකියෝ ඇත්තේ 4වන අදියරේ වීමද විශේෂත්වයකි. මීට සති තුනකට පමණ පෙර ටෝකියෝ නගරයෙන් වාර්තා වූ 10000 ඉක්මවූ දෛනික කොවිඩ් ආසාදිතයින් ගණන, මේ වන විටත් පවතින්නේ  13000-14000 අතර අගයක බව වාර්තා පෙන්වා දෙයි.

161 Views

Comments