යොකොහමා හි බීර පාරාදීසය...


යොකොහමා හි පිහිටි සුප්‍රසිද්ධ 7-Eleven සුපිරි වෙළෙඳසල තුල විකිණීමට තබා ඇති...

.

යොකොහමා හි පිහිටි සුප්‍රසිද්ධ 7-Eleven සුපිරි වෙළෙඳසල තුල විකිණීමට තබා ඇති, 300 කට අධික විශේෂිත බීර හෙවත් Crafted Beers වර්ග එකතුව නිසා ප්‍රදේශයේ ජනතාව අතර එම වෙළඳසැල ඉමහත් ප්‍රසිද්ධියක් උසුලයි.

ජපානය පුරා 7-Eleven ශාඛා විශාල වශයෙන් පිහිටා ඇති අතර, ඒවා අතරින් යොකොහමා හි Hammerhead වරාය තුළ මගී පර්යන්ත ගොඩනැගිල්ලේ පිහිටා ඇති මෙම ශාඛාව තුළ, ජපානය තුල නිෂ්පාදිත සහ ලොව පුරා විවිධ රටවල නිවාස ආශ්‍රිතව නිෂ්පාදනය කෙරුනු විශේෂිත බීර වර්ග 300ත් 500ත් අතර ප්‍රමාණයක් විකිණීමට තබා තිබේ. මෙම ශාඛාව පිහිටා ඇති මුහුද ආශ්‍රිතව මනරම් භූමි භාගය නිසා, බීර වර්ග භාවිතා කිරීමට ප්‍රිය පාරිභෝගිකයන් අතර මෙම ස්ථානය ඉතා ප්‍රචලිත එකකි.

Comments