වැරදීමක් නිසා නැතිවී ගිය සහනාධාර මුදල


corona සහනාධාර වැරදීමකින් තනි පුද්ගලයකුට පමණක් හිමි වෙයි

.

Yamaguchi ප්‍රාන්තයේ Abu හි Corona වසංගත ආධාර ලෙස පවුල් 463 කට ගෙවීමට නියමිතව තිබූ යෙන් මිලියන 46.3 ක වටිනාකමකින් යුත් මුදල් සියල්ල නගරය විසින් අත්වැරදීමක් නිසා එක් පුද්ගලයෙකුට ගෙවා ඇත . නමුත් ඔහු ඒ සියල්ල භාවිතා කොට ඇති බවත් එනිසා එම අරමුදල් පළාත් පාලන ආයතනයට ආපසු ලබා දීමට නොහැකි බවත් ඔහුගේ නීතීඥවරයා මැයි 16දා පැවැති මාධ්‍ය හමුවකදී වාර්තාකරුවන්ට පවසා තිබේ .

 

යෙන් 100,000 මුදල් අත් පත්‍රිකා සහනාධාරය සඳහා ඉල්ලුම් කර ඇති සියලු පවුල් සඳහා ප්‍රමාණවත් මුදල්, Abu නගර ආන්ඩුව විසින් අප්‍රේල් 8 වන දින මෙම 24 හැවිරිදි මිනිසාගේ ගිණුමට තැන්පත් කොට තිබේ. පසුව කරන ලද පරීක්ෂණයකදී හෙළි වූයේ ඔහු විසින් අප්‍රේල් 8 සහ 21 අතර කාලය තුළ ක්‍රමයෙන් සම්පූර්ණ මුදලම පාහේ ආපසු ලබාගෙන ඇති බවයි . 

 

එම මුදල් ආපසු ලබා දෙන ලෙස ඉල්ලා නගරය මැයි 12 වන දින Yamaguchi දිස්ත්‍රික් උසාවියේ Hagi ශාඛාවේ පුද්ගලයාට එරෙහිව නඩුවක් ගොනු කොට තිබේ.

184 Views

Comments