ගබ්සා කිරීමේ පෙති සඳහා ජපානයේ අපේක්ෂිත වෛද්‍ය අනුමැතිය ලබා ගැනීම සඳහා නව නීතියක් හදුන්වා දීමට නියමිතව ඇති බව වාර්තා වේ.
ලෝකයේ බොහෝ ප්‍රදේශවල දශක ගණනාවක් පුරා භාවිතයේ පවතින මෙම ඖෂධ වෛද්‍යවරුන් විසින් කාන්තාවන්ට ලබා දීමට පෙර නව නීතියට අනුව ඔවුන්ගේ සහකරුවන්ගෙන් අනුමැතිය ලබා ගැනීම අවශ්‍ය වේ.
ඒ අනුව දැනට රටවල් 70කට අධික සංඛ්‍යාවක භාවිතා වන mifepristone සහ misoprostol නම්වූ ගැබ් ගැනීම් අවසන් කිරීම සඳහා වන Tandem ඖෂධ ලබාගැනීම සඳහා Linepharma International හි ඖෂධ සමාගමෙන් එවන ලද අයදුම්පතක් ජපානය සලකා බලමින් සිටින බව පැවැසේ .