කලාපය තුළ චීනයේ වැඩිවන ස්ථීරභාවයට එරෙහිව සටන් කිරීමේ අරමුණින් දකුණු චීන මුහුදට මුහුණ ලා පිහිටා තිබෙන 'Subic බොක්ක' නැවතත් නාවික කඳවුරක් ලෙස භාවිතා කිරීම ආරම්භ කළ බව පිලිපීනයේ නාවික හමුදාව පසුගියදා නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය .
එක්සත් ජනපද නාවික හමුදා නිලධාරීන් 1992 වසරේ නොවැම්බර් මාසයේදී Manila අගනුවරට 80km බටහිරින් පිහිටි මෙම උපායමාර්ගික ප්‍රදේශයෙන් ඉවත් වී වසර 30 කට පමණ පසු අඟහරුවාදා දින පිලිපීන නාවික හමුදාවට අයත් මඟ පෙන්වන මිසයිල යාත්‍රා දෙකෙන් එකක් නව කඳවුරේ සේවයට යොදවා තිබේ.
සමුද්‍ර ආරවුල් නිරීක්ෂණය කිරීම සහ ඒවාට ප්‍රතිචාර දැක්වීම සඳහා Subic Bay ජාත්‍යන්තර ගුවන්තොටුපල තුළ ගුවන් යානා ස්ථානගත කිරීමට පිලිපීන ගුවන් හමුදාව විසින් සැලසුම් කර ඇති බව Subic Bay වරාය නිලධාරියෙකු පැවැසීය. Manila සහ Beijing භෞමික ආරවුලක සිරවී ඇති අවස්ථාවක කලාපයේ මතුව ඇති උග්‍ර ආතතීන් මධ්‍යයේ,Subic බොක්කෙහි මූලෝපායික වැදගත්කම පිළිබඳ නව වටිනාකමක් ගොඩනැගෙමින් පවතින බව වාර්තා වේ.