ජපානයේ විශ්‍රාම යෑමේ වයස 61 දක්වා වැඩි කෙරේ


සෑම වසර දෙකකට වරක් විශ්‍රාම යන වයස වසරකින් වැඩි කරනු ලැබේ.

.

ජපානයේ ජාතික සහ ප්‍රාදේශීය සිවිල් සේවකයන්ගේ විශ්‍රාම යෑමේ වයස අප්‍රේල් මස ආරම්භයේදී 60 සිට 61 දක්වා ඉහළ නැංවීමට රජය තීරණය කර තිබේ.

ඒ රටේ ශ්‍රම හිඟය පියවීමේ ක්‍රියාමාර්ගවල කොටසක් ලෙස ය.

මේ අනුව 2031 මූල්‍ය වර්ෂයේදී එය 65 දක්වා ළඟා වන තෙක් සෑම වසර දෙකකට වරක් විශ්‍රාම යන වයස වසරකින් වැඩි කරනු ලැබේ.

පෞද්ගලික අංශයේ සමාගම් ද එවැනි පියවරක් ගැනීම පිළිබඳව අවධානය යොමු කෙරේ.

කෙසේවෙතත් රාජ්‍ය විශ්‍රාම වැටුප් වයස අවුරුදු 65 දක්වා ඉහළ දැමීම නිසා වයස අවුරුදු 60 දී විශ්‍රාම යන අයට ආදායමක් නොමැති කාල සීමාවක් හිමිවේ.

 

102 Views

Comments